ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.ඊයේ (28) රැස්වූ ජාතික පොලිස් කොමිසම ද මේ තීරණය අනුමත කර ඇති බවත් දැනගන්නට ඇත.
ඒ අනූව වාර්තා වන්නේ දැනට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය දරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමටය.
රුවන් ගුණසේකර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස මුලින්ම රාජකාරී ආරම්භ කළේ 2014 වර්ෂයේදී වන අතර ඒ එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශකව සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විදේශගතවීමෙන් පසුවය.
ආරක්ෂක තොරතුරු දෙන්න නව මාධ්‍ය ප්‍රකාශකයෙක් - බන්දුල මේ අතර සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ ආරක්ෂක තොරතුරු ලබාදීමට නව මාධ්‍ය ප්‍රකාශකයකු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පත්කිරීමට නියමිත බවය.
එකී පත්වීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ ඉන්දීය සංචාරයෙන් පසුව සිදුවනු ඇති බවත් ඔහු පවසයි.

