සූට් එකේ සිට තොරණ දක්වා : ගෝඨාභය වෙනස පෙන්වයි !

සූට් එකේ සිට තොරණ දක්වා : ගෝඨාභය වෙනස පෙන්වයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සුබපතමින් පාර හරහා ඉදිකර තිබූ විශාල තොරණක් ජනාධිපතිවරයාගේ නියෝගයක් මත ඊයේ (දෙසැම්බර් 02) ඉවත් කර තිබේ.කටුනායක ගුවන්තොටුපල පිවිසුම් මාර්ගය ඉදිකරන ලද මෙම තොරණට ජනාධිපති ගෝඨාභයගේ ජයාරූප යොදා අලුතින් ස්ටිකර් කර තිබුනේ ජනාධිවරණයෙන් ජය ගැනීම ගැන සුබ පතමිනි.

ඉන්දියාවේ සංචාරයකින් පසු ජනාධිපතිවරයා ආපසු කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ බලා එද්දී මෙම තොරණ දැක එය වහා ඉවත් කරන ලෙස නියෝග කර ඇත.

මෙම තොරණ ඉදිකරනු ලැබුවේ 2008 වර්ෂයේදී  බවත් එය ඉතා දුර්වර්ණවී තිබූ බවත් වාර්තාවේ. 

unnamed 'ගෝඨාස් සුට්' 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනස් රාජපක්ෂ කෙනෙකු බව ජනතාව හමුවේ අවධාරණය කරලීම සඳහා ඔහුගේ උපදේශකයින් මේවනවිට බලවත් අවධානයක් යොමුකර ඇතිබව පෙනේ.

රාජපක්ෂවරුන්ගේ සම්ප්‍රදායික 'සාටක සුට්' එක වෙනුවට ජනාධිපති ගෝඨාභය වෙනුවෙන් හඳුන්වාදුන් සරල කමිසය මේවනවිට ඉන්දියාවේ මාධ්‍ය ඔස්සේ පවා ජනප්‍රිය වී ඇත්තේ 'ගෝඨාස් සුට්' ලෙසය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න