මාතලේ නගර සභා සේවකයින් විරෝධතාවක

මාතලේ නගර සභා සේවකයින් විරෝධතාවක

මාතලේ නගර සභා සේවකයින් අද පෙරවරුවේ  A9 මාර්ගය මාතලේ ඔරලෝසු කණුව අසල අවහිර කරමින් විරෝධතාවක නිරත විය.

ඔවුන් මෙලෙස විරෝධතාවක නිරත වුයේ නගර සභාවේ සේවකයින් දෙදෙනෙකුට ඊයේ පස්වරුවේ මදුරු මර්දන වැඩසටහනක් අතරතුර පහරදීමේ සිද්ධියකට විරෝධය පළකරමින් ය.

ඊට මාතලේ නගර සභාවට අනියුක්තව සේවය කරන මහජන පරීක්ෂකවරුන් , ලිපිකරුවන් , කාර්යාල සහායකයින්,කම්කරුවන් , රියැදුරුන් ඇතුළු සියයටකට අධික පිරිසක් එක්ව සිටියහ.

පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට නොගැනීම එරෙහිව ඔවුහු මෙලෙස විරෝධය පළ කළහ.

ඊයේ පස්වරු 06 ට පමණ මාතලේ එඩ්වඩ් පාර්ක් ක්‍රීඩාංගණය අසළදී අදාළ කම්කරුවන් දෙදෙනාට පිරිසක් පහර දී තිබු අතර ඔවුන් මේ වනවිට  මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

මාතලේ කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ඩී.එම්.පී.කේ.ඩී ඒකනායක මහතා විරෝධතාව පැවැති ස්ථානයට පැමිණ විරෝධතාව නවතා දමන ලෙස කළ ඉල්ලීමෙන් පසු පිරිස විසිර ගිය ද සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් තමන් අඛණ්ඩව වැඩවර්ජනයේ නිතරවන බව නගර සභා සේවකයෝ සඳහන් කළහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න