මංගල දේශපාලනයෙන් ඉවත් නොවෙයි : පාක්ෂිකයන්ට සහතිකයක් !

මංගල දේශපාලනයෙන් ඉවත් නොවෙයි : පාක්ෂිකයන්ට සහතිකයක් !

තමා දේශපාලනයෙන් සමුගැනීමට තිරණයක් ගෙන නොමැති බවත් ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මාතර දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කර සිටියි.

ඔහු එබව සඳහන් කර සිටියේ පසුගිය ඉරිදා රාත්‍රී වැලිගම මැරියට් හෝටලේ පැවති සුහඳ හමුවකට එක්වෙමිනි. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් උපකාර කල සිය හිතවතුන් පිරිසක් වෙනුවෙන් මංගල සමරවීර මන්ත්‍රීවරයා විසින් එම සුහඳ හමුව සංවිධානය කර තිබිණි.

මංගල සමරවීර දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් පක්ෂ ක්‍රියාකාරීන් කළ විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ, තමන් කිසිඳු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් නොකළ බවයි.

ජනාධිපතිවරණ පරාජයෙන් හුදෙකලාවී සිටින පාක්ෂිකයින් අතහැර පලායාමට තමා කිසිවිටෙකත් සුදානම් නොමැති බව මංගල සමරවීර මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.

දෙසැම්බර් මස මැද භාගයේදී තමා දින කිහිපයකට විදේශගතවීමට නියමිත බවත් ඉන් අනතුරුව වහාම ඉදිරි මැතිවරණ කටයුතු සඳහා දිවයිනට පැමිණෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මංගල සමරවීර මන්ත්‍රීවරයා සිය හිතවතුන් සමග පසුගිය ඉරිදා රාත්‍රී නර්තනක ද එක්වෙමින් ඔවුන්ව දිරිගන්වනු ලැබිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න