ස්විස් තානාපති නිලධාරිනිය CIDයට යයි

ස්විස් තානාපති නිලධාරිනිය CIDයට යයි

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා සිල්වෙස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අද (08) පස්වරු 7.00 ට පමණ පිටත්ව ගොස් ඇත.

මෙම සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබා දීමට පැමිණි ගානියා සිල්වෙස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

පසුගිය 25 වැනිදා කුරුදුවත්ත පොලිස් වසමේ පිහිටි ශාන්ත බ්‍රිජට් කන්‍යාරාම පාසල අසලදී සුදු මොටර් රථයකින් පැමිණි කණ්ඩායමක් මෙම නිලධාරිනිය පැහැරගෙන ගොස් ඇති බවට ස්විස් තානාපති කාර්යාලයේ දෙවන නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන තුරු දෙසැම්බර් මස 09 වනදා දක්වා ඇයට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබුවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න