උදේම ජන්ද පොළට යන්න : ප්‍රතිඵල සාමකාමීව භුක්ති විඳින්න - අගමැති ඉල්ලයි

උදේම ජන්ද පොළට යන්න : ප්‍රතිඵල සාමකාමීව භුක්ති විඳින්න - අගමැති ඉල්ලයි

පළාත් පාලන මැතිවරණය දිනයේ උදෑසනම ජන්ද පොළට ගොස් සිය වටිනා ජන්දය පාවිච්චිකර ජන්ද ප්‍රතිඵලය සාමකාමීව භුක්ති විඳින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනතාව වෙතින් විශේෂ ඉල්ලීමක් සිදුකරයි.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මෙම විශේෂ ඉල්ලීම සිදුකරන අතර තවද 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ සිට අලුත් ජන්ද ක්‍රමයක් ක්‍රියාත්මක වන බවත් අලුත් ජන්ද ක්‍රමය යටතේ නාම යෝජනා භාරදුන් දිනයේ සිට අතිවරණ ව්‍යාපාරය දක්වා කටයුතු කළ සාමකාමී වටපිටාව අඛණ්ඩව පවත්වා ගන්නා ලෙසත් සඳහන් කර ඇත.

එසේම එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

'ඒ තුළ සෑම කොට්ඨාශයකටම නියෝජිතයන් තෝරා පත්කර ගන්නවා. ඒත් සමඟම කාන්තාවන්ට 25% ක අවම නියෝජනය ලබා දෙනවා. මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් 25%ක් කාන්තාවන් විය යුතුයි. මේ ක්‍රමය යටතේ අපි අනුපාත ක්‍රමය අනුවත් මන්ත්‍රීවරු තෝරා පත්කර ගන්නවා.

නමුත් මනාප ක්‍රමය ක්‍රියාත්මක වන කාලයේ අපි දුටුවා ඒ ක්‍රියාවන් මේ ක්‍රමය යටතේ දකින්න නැහැ. කවුරුත් මියගොස් නැහැ. එමෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියාවලද යෙදීලා නැහැ. මේ මැතිවරණයේදී දන්සැල් ආරම්භ කර නැහැ. බඩු භාණ්ඩ බෙදාදීම් සිදුකර නැහැ. එදාට වඩා යහපත් ක්‍රමවේදයක් අද ක්‍රියාත්මක වෙනවා."

එසේම සෑම විටම පොලිසිය ඇතුළු සාමය ආරක්ෂා කරන සියළු දෙනාටත් මැතිවරණ රාජකාරියේ නිරතව සිටින නිලධාරීන්ටත් තම තමන්ගේ පූර්ණ සහය ලබාදෙන ලෙස ඉල්ලා සිටින අග්‍රාමාත්‍යවරයා තම වටිනා ජන්දය පාවිච්චි කරන්න සහ ආරක්ෂා කරන්න උදෑසනම ජන්ද පොලට යන ලෙසද සියළු ජන්ද දායක ජනතාවගෙන් ඉල්ලා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න