රජයේ දැන්වීම් රාජ්‍ය මාධ්‍යයට පමණලු

රජයේ දැන්වීම් රාජ්‍ය මාධ්‍යයට පමණලු

රජයේ දැන්වීම් රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පමණක් මින් ඉදිරියට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ලේක්හවුස් ආයතනයට කළ නිරීක්ෂණ චාරිකාවකදී ප්‍රකාශ කර ඇත.

දැනටමත් රජයේ නිල නිවේදන, රාජ්‍ය ආයතනවල ප්‍රසම්පාදන කටයුතු, සැපයුම්කරුවන් ලියාපදිංචී කිරීම හා අධිකරණයේ දැන්වීම් ආදීය පළවන්නේ රජයේ පුවත්පත්වල පමණය. වෙනත් මාධ්‍යවල පළවන්නේ රාජ්‍ය ආයතනවලට සම්බන්ධ වෙනත් ප්‍රචාරක දැන්වීම්ය.

රජයේ පාලනය යටතේ පවතින පුවත්පත් මේ ආකාරයෙන් හෝ පවතින්නේ රජයේ එකී දැන්වීම් නිසාය. යම් අලෙවියක් හෝ ඇත්තේ එකී දැන්වීම් දැනගැනීම සඳහා එම පුවත්පත් මිලදි ගන්නා නිසාය. නැතහොත් සමබර අපේක්ෂපාත තොරතුරු දැනගැනීම සඳහා ජනතාව එම පුවත්පත් මිලදි ගන්නේ නැත. රාජ්‍ය ආයතකද අනිවාර්යයෙන් රජයේ පුවත්පත් මිළදී ගත යුතු නිසා එම පුවත්පත් මිලදී ගනී.

රාජ්‍ය මාධ්‍යයට පමණක් රජයේ දැන්වීම් ලබාදී එම මාධ්‍ය ආයතන ගොඩගත නොහැකි බව මේ ප්‍රතිපත්ති තීරණය කරනු ලබන දේශපාලණඥයන් දැනගත යුතුය. රාජ්‍ය මාධ්‍ය ගොඩනැගීමට වුවමනානම් පළමුවෙන් කල යුත්තේ ඒවාට ඇති දේශපාලන බලපෑම ඉවත් කිරිමය. එම ආයතන පවතින ආණ්ඩුවේ හොරණැ තත්වයෙන් ආපහු හැරවීමය. එම ආයතන නිසි සුදුස්සන්ගෙන් යුත් ස්වාධීන පාලනයකට යටත් කිරීමය.

රජයේ දැන්වීම් යනු පවතින ආණ්ඩුවේ බූදලයක් නොවේ. ඒ සඳහා වියදම් කරන්නේද මේ රටේ පොදු මහාජනතාවගේ මුදල්ය. පොදු මහාජනතාවට රජයේ තොරතුරු නිවැරදි ලෙස සන්නිවේදනය කළ යුතු නම් කළ යුත්තේ රජයේ දැන්වීම් රජයේ හා පුද්ගලික යන සෑම මාධ්‍යයකටම සාධාරණ ලෙස බෙදී යෑමේ ක්‍රමවේදයක් සැකසීම මගිනි.

එසේ නොකර රජයේ දැන්වීම් රාජ්‍ය මාධ්‍යට පමණයි යැයි කීමෙන් දේශපාලකයන් පෙන්නුම් කරන්නේ එයට මුවාවී ඔවුන්ගේ හෙළුව වසාගැනීමය. ඔවුන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කිරීමය.

අනිද්දා 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න