සුරක්ෂා සමාගම්වලට දෙන්න එපා : ස්ටාලින්

සුරක්ෂා සමාගම්වලට දෙන්න එපා : ස්ටාලින්

පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක කරන සුරක්ෂා රක්ෂණය තවදුරටත් රක්ෂණ සමාගම්වලට ලබා නොදී අධ්‍යාපන අමාත්‍යාංශය යටතේම ක්‍රියාත්මක කළ යුතු බව ලංකා ගුරු  සංගමයේ ප්‍රධාන ලේකම් ස්ටාලින්  අවධාරණය කරයි.

එම රක්ෂණය සදහා පළමු වසරේදි රජය රුපියල් මිලියන 2700 මුදලක් ගෙවුවද රක්ෂණ ප්‍රතිලාබ ලැබුනේ රුපියල් මිලියන 400ක් පමණක් බවත්.  ඊට පසු වසරවලදි  රක්ෂණ වන්දි ලෙස ගෙවිම් සිදුවුයේ  රැපියල් මිලියන 400ක මුදලක් ‍වශයෙන්  බවත් ස්ටාලින් මහතා කියයි.

ඒ නිසා රුපියල් මිලියන1000 කට අධික මුදලක් සෑම වසරකම රක්ෂණ සමාගම්වලට නිකරුනේ ගෙවමින්  සිටින බවත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇතිකරනු ලබන අරමුදලක් මගින් මෙම රක්ෂණය ක්‍රියාත්මක කළහොත්  එම අතිරේක මුදලින් ළමයින්ට තවත් ප්‍රතිලාබ හිමිකර දිය හැකි බවත් ස්ටාලින් මහතා පෙන්වා දෙයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දැනට මෙම රක්ෂණය වෙනුවෙන් කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ වෙනම ඒකකයක් ඇති බවත්, රට පුරා විහිදී ඇති කලාප අධ්‍යාපන කාර්යාල 97 ක් මගින් මෙම රක්ෂණයට අදාළ ලිපිගොනු කටයුතු සිදුකරනු බවත්ය.  එම නිසා රක්ෂණය සමාගම්වලට නිකරුණේ මුදල් නොගෙවිය යුතු බව ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.

අනිද්දා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න