විදුලි අර්බුදයක් ළඟම එනවා : විදුලි ඇමැති වේලාසන දන්වයි !

විදුලි අර්බුදයක් ළඟම එනවා : විදුලි ඇමැති වේලාසන දන්වයි !

ඉදිරියේදී ඇතිවන විදුලි ඉල්ලුම සැපරීම සඳහා මෙගාවොට් එක් දහස් දෙසීයක (1200) විදුලි ඒකක ප්‍රමාණයක් අවශ්‍ය වී තිබෙන බවත්, ඒ අනුව විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවත් මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර  සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ ඊයේ (30) කොළඹදී පැවැති වැඩමුළුවකදී අදහස් දක්වමින් ය.

අද දිනයේදී විදුලි බලාගාරයක් ඉදිකිරීම ආරම්භ කළත් ඉන් විදුලිය ලබා ගැනීමට වසර තුනකට වැඩි කාලයක් ගත වන බවත් මේ නිසා කෙටිකාලීන මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළවල් ඇති කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අනුවෙන් සූර්ය බලයෙන්, සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන පිරිස් දිරිමත් කිරීමට කටයුතු කරන බවත්, මීට අමතරව පුනරින් ප්‍ර‘දේශයේ හා සියඹලාණ්ඩුව ප්‍ර‘දේශයේ මෙගාවොට් තුන්සීයක (300) සුළං හා සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන ව්‍යාපෘති සකස් කිරීමට සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න