රාජ්‍ය නිලධාරීන්ගේ දීමනා කප්පාදුවේ බලපෑම : රජිත්  කීර්ති පැහැදිලි කරයි !

රාජ්‍ය නිලධාරීන්ගේ දීමනා කප්පාදුවේ බලපෑම : රජිත්  කීර්ති පැහැදිලි කරයි !

රාජ්‍ය නිලධාරීන්ගේ දීමනා කපා දැමීමට අදාළව පොදුජන පෙරමුණ ආණ්ඩුව විසින් ගෙන ඇති කැබිනට් මණ්ඩල තීන්දුව සම්බන්ධව විශේෂ පැහැදිලි කිරීමක් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සිදුකර ඇත.

රාජ්‍ය නිලධාරීන්ගේ දීමනා කපා දැමීම - රාජ්‍ය සේවකයින්ට සිදුවන සෘජු බලපෑම කුමක්ද? යන මැයෙන් නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව සදහන් කරයි.
අදාල නිවේදනය මෙසේය.

2019 ජනවාරි 07 දින නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක ලේඛන අංක 18/2015(IV) මගින් පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුට රු. 5000 ක ද, වසර 6 කට වැඩි සේවා කාලයක් සහිත දෙවන හා තුන්වන ශ්‍රේණ්යේ නිලධාරියෙකුට රු. 10,000 ක ශුද්ධ පාඩුවක් ද මෙම චක්‍ර ලේඛනය නිසා සිදුවේ.  වසර 06 ට අඩු සේවා කාලයක් සහිත විධායක නිලධාරීන්ට රු.  12,000 ට වැඩි මුල්‍යමය පාඩුවකි.  විශේෂ ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුට ශුද්ධ මුල්‍යමය පාඩුවක් නැත.  

මෙම දීමනා කප්පාදු කොට ඇති නිලධාරීන් වන්නේ පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගණකාධිකාරි සේවය, ක්‍රම සම්පාදන සේවය, විද්‍යාත්මක සේවය, කෘෂිකාර්මික සේවය යි.  

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් 2200 කට මෙම දීමනා කප්පාදුව බලපානු ඇත.  අධ්‍යාපන පරිපාලන සේවයේ සියළුම නිලධාරීන්ට මෙම තත්වය බලපානු ලබයි.  ක්‍රම

සම්පාදන සේවයේ 800 කට පමණ ද, ගණකාධිකාරි සේවයේ 1600 කට ද, අධ්‍යාපන පරිපාලන සේවයේ  2697 කට ද,  ‘අතට ලැබෙන මුදල‘ මෙම චක්‍රලේඛනය නිසා අහිමි වේ. අධ්‍යාපන පරිපාලන සේවයේ 238 දෙනෙකුට රු. 5000 බැගින් ද, 2449 දෙනෙකුට රු. 10,000 බැගින් ද වන මුදලක් අහිමි වේ.

රජයේ විදයම් පාලනය කිරීම සදහා නිලධාරීන්ගේ දීමනා පමණක් කපා දැමීම කිසි ලෙසකින් හෝ යුක්ති සහගත නොවේ.  රාජ්‍ය නිලධාරීන් තනතුරු ලබා ගැනීම සදහා මේ දිනවල දේශපාලනඥයින් පසුපස වැටී ඇති බැවින් මෙම දීමනා කප්පාදුවට එරෙහිව නිලධාරීන්ගේ වෘත්තීය සමිති මට්ටමින් විරෝධයක් මේ දක්වාම එල්ලවී නොමැත.    

රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ විධායක ශ්‍රේනියේ දීමනා කප්පාදුවට අදාල රජයේ නිවේදනය පහත දැක්වෙයි.
FB IMG 1578545625529

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න