චෝදනා ලත් නිලධාරියෙකු යළි සීඅයිඩීයට

චෝදනා ලත් නිලධාරියෙකු යළි සීඅයිඩීයට

ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විසස් පිළිබඳ නඩුවේ කරුණු විකෘති කිරීමේ සිද්ධියක් සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීමේ නඩුවට අදාලව පෙනී නොසිටීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ඉවත් කරන ලද සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා මහතා යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සේවයට අනුයුක්ත කර ඇති බව වාර්තා වේ.

2012 දී භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණයට යන බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් පිටව ගොස්, අධිකරණය මඟහැරීම පිළිබඳවද ඔහුට චෝදනා එල්ල වී තිබුණි. ඒ පිළිබඳව කළ පරීක්ෂණයකින් ඒ බව ඔප්පු වී තිබුණි.

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව පිළිබඳ විමර්ශනයේදීත් කරුණු විකෘති කිරීමක් පිළිබඳව ළමාහේවා මහතාට එරෙහිව නීතිපති දෙපාර්තුමේන්තුව කරුණු දක්වා තිබුණු අතර ඒ පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් පසුව ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ඉවත් කර වෙනත් අංශයකට අනුයුක්ත කර තිබුණි.

රේඛා නිලුක්ෂි හේරත්

අනිද්දා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න