රංජන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවේ !

රංජන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවේ !

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වයට අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර ඇති බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  අකිල විරාජ් කාරියවසම්  පැවැසීය.

ඒ අද (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

“ඒක්සත් ජාතික පක්ෂය තීරණය කරලා තිබෙනවා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මැතිතුමාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කරන්න.

පක්ෂයට ලැබුණ විවිධ පැමිණිලි සියල්ලම අරගෙන පක්ෂය විසින් පක්ෂ නායකතුමාට දැනුම් දීමෙන් පසුව එතුමා තීරණය කරනු ලැබුවා රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කරන්නත්, පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කරලා එය අනුමත කර ගන්නත් තීරණය කරනු ලැබුවා.”

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න