වතු කම්කරු දෛනික වැටුප 1000 කිරීමත් නොකෙරෙන ලකුණු !

වතු කම්කරු දෛනික වැටුප 1000 කිරීමත් නොකෙරෙන ලකුණු !

මාර්තු 01 වනදා සිට වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව තෛපොංගල් දිනයේදී ජනාධිපතිවරයා විසින් නිවේදනය කළේ  ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා විසින්  ඒ සඳහා නිශ්චිත දිනයක් පවසන්නැයි කළ ඉල්ලීම අනුව බවත් ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර නොමැති බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පවසයි. 

කෙසේවෙතත් පසුගිය දින දෙක තුළ ආණ්ඩුවේ අමාත්‍යවරුන් මෙම වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර ප්‍රකාශ සිදුකරන ආකාරය ද දක්නට ලැබිණි. 

පසුගියදා (15)  පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සිංහල භාෂාවෙන් ප්‍රකාශ කර තිබුණේ තේ කර්මාන්තය සඳහා රජය විසින් සහන පැකේජයක් ලබාදී ඇතිවා මෙන්ම පොදුවේ බදු සහනය ද ඔවුන්ට ලැබී ඇති බැවින් වතු සමාගම් මඟින් මෙම වැටුප් වැඩිකිරීම සිදු කළ යුතු බවය. 

එහෙත් එදිනම විදුලිබල මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකදී රජයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දෙමළ භාෂාවෙන් ප්‍රකාශ කර තිබුණේ වතු කම්කරු වැටුප් වැඩිකිරීමට වතු සමාගම්වලට අපහසු විය හැකි නිසා රජය විසින් තේ මණ්ඩලය හරහා සමාගම්වලට මුදල් ලබාදීමටත් සාමුහික ගිවිසුමක් අත්සන් තැබීමටත් තීරණය කර ඇති බවකි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න