එස්.එම් ඇමතිගේ රිය අනතුර : දෙදෙනෙක් මරුට !

එස්.එම් ඇමතිගේ රිය අනතුර : දෙදෙනෙක් මරුට !

වනජීවි අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන ගමන් කල සුඛෝපභෝගී ජීප් රථය අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ කහටගස්දිගිලිය, රන්පත්විල ප්‍රදේශයේදී  යතුරුපැදියක ගැටීමෙන් ඊයේ (16) රාත්‍රියේ සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කල සිවිල් ආරක්ෂක නිළධාරියෙකු ජීවිතක්ෂයට පත්වුන අතර පිටුපස ගමන් කල අනෙක් දෙදෙනා ( බිරිඳ සහ දුව ) බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

එසේම මේ වන විට සිවිල් ආරක්ෂක නිලධාරියාගේ බිරිඳද ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වෙයි.

පොලිස් ආරංචිමාර්ග උපුටා දක්වමින් ආණ්ඩුවට හිතවත් සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පොලිසිය සඳහන් කරන්නේ මාර්ගයේ  ඉදිරියෙන් ගමන් කල  යතුරුපැදියේ පසුපසින් වේගයෙන් පැමිණි ජීප් රථය හැප්පී අනතුර සිදුව ඇති බවයි. එසේම අනතුර සිදුවන අවස්ථාවේදී ඇමතිවරයාද වාහනයේ සිට ඇති බවද එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ සිදු කරමින් සිටින බවය.

sm accident 1000px

IMG 20200117 WA0002

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න