රන්ජන් - ශානි හඬපටය : කටහඬ ශානිගේදැයි තවමත් තහවුරුව නෑ !

රන්ජන් - ශානි හඬපටය : කටහඬ ශානිගේදැයි තවමත් තහවුරුව නෑ !

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමඟ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර කරන දුරකතන සංවාදයක් බවට  ප්‍රචාරය වන හඬපටයේ ඇති හඬ ශානි අබේසේකරගේද යන්න තවමත් විමර්ශනය කොට තහවුරු කොට නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලීස් අධිකාරි ජාලිය සේනාරත්න 'අනිද්දා' පුවත්පතට පවසා ඇත.

එම සිදුවීම සම්බන්ධයෙන් තවමත් විමර්ශන සිදුකරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා ඇත.

එසේ වුවද දුරකතන සංවාදය සම්බන්ධයෙන් පරීක්ෂණයක් නොකර ජනවාරි 07 වන දින ශානි අබේසේකර ගේ වැඩ තහනම් කර තිබිණ.

ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති බව ද වෙබ් මාධ්‍ය වාර්තා කර තිබේ.

ශානි අබේසේකර අත්අඩංගුවට ගන්නේ දැයි 'අනිද්දා' කළ විමසීමකදී මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර ඇත්තේ, කිසිදු පරීක්ෂණයක් සිදු නොකර අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බවයි. පරීක්ෂන අවසානයේ ඒ පිළිබඳ තීන්දුවක් ගන්නා බව ඔහු සඳහන් කර ඇත.  

රන්ජන් සමග දුරකතයෙන් කතාබහ කළ විනිසුරන්ගේ කටහඩ පරික්ෂාවක්

මේ අතර ඊයේ (17) නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යූ. කේ. පැල්පොල ඉදිරියේ කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ, හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමඟ දුරකතන සංවාද පැවැත්වූ බව කියන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන අයගේ කටහඬ පරීක්ෂාවක් සිදුකිරීම සදහාත් ඔවුන්ගේ දුරකතන වාර්තා කැදවීම සඳහාත් බලාපොරෝත්තු වන බවයි.

එසේම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විනිසුරුවන් තිදෙනාගෙන් වහාම ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසට නිතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට කළ නියමට අනුව එම ප්‍රකාශයන් ලබාගැනීමෙන් අනතුරුව මෙම පියවරන් අනුගමනය කළ යුතුව ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඔහුගේ නිතීඥවරුන් ඊයේ (17දා) අධිකරණය හමුවේ ඉදිරිපත් කළ මෝසමක් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එසේ සඳහන් කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න