දරුවන්  එක වසරේදීම හිරවෙන : ආණ්ඩුවේ අලුත්ම අධ්‍යාපන ප්‍රතිපත්තිය !

දරුවන්  එක වසරේදීම හිරවෙන : ආණ්ඩුවේ අලුත්ම අධ්‍යාපන ප්‍රතිපත්තිය !

ප්‍රාථමික පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව (40) දක්වා වැඩිකිරීමේ තීරණය වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු සැලසුම් කර තිබේ.

පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව තිස්පහ(35)ක් විය යුතු බවට අධිකරණ නියෝගයක් ඇති අතර මෙම අධිකරණ තීරණය සමාලෝචනය කොට අදාළ ශිෂ්‍ය සංඛ්‍යාව හතළිහක්(40) දක්වා වැඩිකර ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ලබාගැනීම ආණ්ඩුවේ ඉලක්කය වී තිබේ.

මේ  සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 2020/01/02 දින ඉදිරිපත් කරනු ලැබූ පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවත් වාර්තා වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ දැක්ම !

ඒ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල ෆේස් බුක් පිටුවේ සටහනක මෙසේ සදහන් කර ඇත.

ප්‍රාථමික පන්තීන් සඳහා ගුරු සහායකයින් බඳවා ගැනීමේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්තියට අනුව, ප්‍රාථමික පන්තිභාර ගුරුවරයාට මෙතෙක් තිබූ පීඩනය සහ කළමනාකරණයේ අපහසුතාවයන් අවසන් වනු ඇත. ශිෂ්‍ය සංඛ්‍යාව 35 සිට 40 දක්වා වැඩිකිරීමේ තීරණයට පසුබිම නිර්මාණය වන්නේ ද මෙම ගුරු සහායකයින් පත්කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයයි.

අදාළ නීතිමය කටයුතු අවසන් වූ පසු දැනට රට පුරා දෙමව්පියන් තම දරුවන් වෙනුවෙන් මුහුණ දී ඇති තවත් දුෂ්කරතාවක නිමාව සටහන් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ විශ්වාසයයි.

අධ්‍යාපනඥයන් අන්දුන් කුන්දුන් !

කෙසේ වුවත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රමුඛ ආණ්ඩුවේ මෙම තීරණය අධ්‍යාපනය සම්බන්ධ විශේෂඥයන්ගේ කණගාටුවට හේතු වී තිබේ.

ගුරු සහයකයන් බඳවා ගැනීම නිසා ප්‍රාථමික ශ්‍රේනි වල සිසුන් ප්‍රමාණය වැඩිකිරීම යන්නේ කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බව ඔවුන්ගේ මතය වී තිබේ.

එසේම ඔවුන් පෙන්වා දෙන්නේ ළමයින්ට තදබදයක් නොමැතිව නිදහසේ අධ්‍යයනය සඳහා අවස්ථාව පැවතිය යුතුය යන්න වඩාත් විද්‍යාත්මක කරුණ බවයි.

එසේම ලංකාවේ  පාසල් බොහෝමයක් ළමුන් 35ක් සහිතව පවත්වාගෙන යන්නේ තදබදයක් ඇතිව බවත් ඒ හමුවේ තවත් සිසුන් වැඩි කිරීම අනුමත කළ නොහැකි බවත් ඔවුන්ගේ වැඩිදුර අදහස වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න