ඊනියා දේශප්‍රේමීන්ට සොරි වෙයි : නෙළුම් කුළුණේ සිට ලේක් හවුස් දක්වා ඉඩම් පිටරැටියන්ට !

ඊනියා දේශප්‍රේමීන්ට සොරි වෙයි : නෙළුම් කුළුණේ සිට ලේක් හවුස් දක්වා ඉඩම් පිටරැටියන්ට !

බේරේ වැවට යාබදව ලේක්හවුස් ආයතනය ඉදිරිපිට ඇති ඉඩමක්, එතැන් සිට නෙළුම් කුලුන දක්වා බේරේ වැව ආසන්නව ඇති තවත් ඉඩම් කැබලි කිහිපයකුත් විදේශ සමාගම් සඳහා ලබැදීමට ආණ්ඩුව ක්‍රියා කරමින් ඇතැයි වාර්තා වෙයි.

එම ඉඩම් කැබලිවල සම්පූර්ණ ප්‍රමාණය අක්කර 20කට වඩා වැඩි බව පැවසෙන අතර එය 99 අවුරුදු බදු පදනම යටතේ විදේශීය සමාගම් සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි. 

මෙම ඉඩම් කැබලි අතර ඇති ලේක්හවුස් ආයතනය ඉදිරිපිට ඇති ඉඩම් කුප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජෙම්ස් පැකර්ට කැසිනෝ ක්‍රීඩාවද ඇතුළත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මීට පෙර ලබාදීමට උත්සාහ කළ ඉඩම් වේ. එය පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ නාගරික සංවර්ධන අධිකාරිය රවී විජේරත්න ගෙන් අත්පත් කරගෙන 'බැලුනා' නම් ජපන් සමාගමකට රුපියල් බිලියන 3.2කට බදු දී තිබුණි.

ඊට අමතරව පසුගිය රජය කාලයේ නාගරික සංවර්ධන අධිකාරිය සතුව තිබුණු සතොස ඉඩම, බ්ලූමැන්ඩල් ඉඩමක් සඳහා වරාය අධිකාරිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත හිලව්වට ලබාදුන් ඉඩම් කැබලි කිහිපයක් විකිණීමට නියමිත ඉඩම් අතර වේ.

(කේ සංජීව -අනිද්දා )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න