රන්ජන්ගේ හඬපට අස්සේ පළාත් සභා මැතිවරණය සැඟවේ !

රන්ජන්ගේ හඬපට අස්සේ පළාත් සභා මැතිවරණය සැඟවේ !

රංජන් රාමනායක මහතාගේ හඩ පට වලට මුවාවී රජය පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දමමින් සිටින බව කැෆේ සංවිධානය අවධාරණය කරයි. 

එහි විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් පෙන්වා දුන්නේ ‍‍ මේ වනවිට සියලු පළාත් සභාවල නිල කාලය අවසන්ව ඇති බවයි. නමුත්  මේ වන ‍තෙක් වත්මන් රජය එම පළාත් සභා  සඳහා මැතිවරණය පැවැත්වීම සම්බන්දයෙන් මුනිවත රකිමින් සිටින බවය. 

රජය විසින් පළාත් සභා මැතිවරණ පවත්වනු වෙනුවට පළාත් සඳහා ආණ්ඩුකාරවරුන් පත්කිරීම මඟින් ජනතා පරමාධිපත්‍ය බලය පැහැරගැනීමකට ලක් කර ඇති බව හෙතෙම අවධාරණය කළේය. පැවති රජය ද දිනෙන් දින මැතිවරණ කල් දමමින්  සිටි අතර මේ නිසා ඇතැම් පළාත්  වල පළාත් සභා නිල කාලය අවසන් වී වසර ගණනාවක් ගතවන බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය. 

එම  කාලය තුළ  ද පළාත් සභා එවක හිටපු ආණ්ඩුකාරවරුන් යටතේ පැවැතිණ.

මෙලෙස දිගින් දිගටම සිදුවීම නිසා පොදු මහජනතාවගේ පළාත් නියෝජනය අහෝසි වී සියලු බලතල එක් රජයෙන් පත්කළ නිළධාරියෙකු යටතට පත්වීම බරපතල කරුණක්  බව මනාස් මකීන්  අවධාරණය කරයි. 

පළාත් සභා පරිපාලනය හුදෙක්ම දේශපාලනික පත්වීම් වන ආණ්ඩුකාරවරුන් හරහා ක්‍රියාත්මක කිරීම මඟින් සාමාන්‍ය පොදු ජනයා දැඩි අසීරුවට පත්වන බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.  

එලෙස අසීරුවට පත් වන ජනයා වෙනුවෙන් පෙනී සිටිනු වෙනුවට ඇතැම් ජනමාධ්‍යයද රංජන් රාමනායකගේ හඩපට ආදිය ප්‍රචාරය කරමින් සැබෑ ජනතා ප්‍රශ්න අමතක කරමින් සිටින බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි. 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අහමඩ් මනාස් මකීන් සඳහන් කළේ  රජය පළාත් සභා මැතිවරණ ද රංජන්ගේ හඩපට අතර සඟවා දමා ඇති බවයි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න