කරූගේ අභීත තීන්දුව : හෙළ උරුමයේ පැසසුමට !

කරූගේ අභීත තීන්දුව : හෙළ උරුමයේ පැසසුමට !

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධව වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කතානායක කරූ ජයසූරිය ගනුලැබූ තීරණය ජාතික හෙළ උරුමය පක්ෂයේ පැසසුමට ලක්ව තිබේ.

ඒ සම්බන්ධව එම පක්ෂයේ මධ්‍යම කාරක සභික බෝසෙත් කළහේපතිරණ විසින් නිවේදනයක් නිකුත්කර ඇත.

එම නිවේදනය "බැදුම්කර විගණන වාර්ථාව පාර්ලිමේන්තුවට සභාගත කර මහජන පරමාධිපත්‍යට ඉඩ දුන් ගරු කථානායකතුමාට ජනතා ප්‍රණාමය" යන ශීර්ෂයෙන් යුතුව නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

2020/01/13 දිනැති ලිපියක් මගින් පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමාගෙන් අප පක්ෂය වශයෙන් මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වෝහාරික විගණන වාර්තාව මහජනතාවට දැනගැනීම පිණිස පාර්ලිමේන්තුවට සභාගත කරන ලෙස ඉල්ලා සිටීයහ.

මහජන මුදල් රුපියල් මිලියන 900ක් වැය කළ වාර්තාව රටේ සියළු ජනතාවට දැනගැනීමේ අයිතියක් ඇති බවත්, එය උත්තරීතර පාර්ලිමේන්තුවට එකී මහජන පරමාධිපත්‍යට ගරු කරමින් මහජන නියෝජිතයන් අතට පත් කිරීම කල යුතු බවටත්, කළ ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස අද දින 2020/01/21 පාර්ලිමේන්තුවට ගරු කාථානායක විසින් එකී වාර්තාව සභාගත කරනු ලැබිණි.

මහජනතාව ලැබූ ජයග්‍රහණයක් සේම එය වෙනුවෙන් නිර්භීතව හා අපක්ෂපාතීව කථානායක ධූරයේ ගරුත්වය කෙරෙහි මහජනතාව තුල තවදුරටත් විශ්වාශය තහවුරු කළ ගරු කථානායක කරූ ජයසූරිය මහතාට ස්තූතිය ගෞරවයෙන් පිරිනමමි.මෙයට, බෝසෙත් කළහේපතිරණ,නාගරික මන්ත්‍රී,මධ්‍යම කාරක සභික,ජාතික හෙළ උරුමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න