සිරිසේනගේ රෙද්දෙත් තුත්තිරි මතුවෙයි : බිලියන 25 ක් ගැන චෝදනාවක් !

සිරිසේනගේ රෙද්දෙත් තුත්තිරි මතුවෙයි : බිලියන 25 ක් ගැන චෝදනාවක් !
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් සිටි වසර 5ක කාලය තුළ සිය ‌දිස්ත්‍රික්කය වූ ‌පොල‌ොන්නරුවේ සංවර්ධන කටයුතු සදහා යැයි කියමින් රුපියල් බිලියන 25.293ක අති දැවැන්ත මුදල් කන්දරාවක් ‌වෙන්කරගෙන ඇති බව ‌මේ වනවිට තහවුරු වී ඇති බවට කළම්බුx  වෙබ් අඩවිය වාර්තා කරයි.
 
එම පුවතේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.
 
මෙවැනි අති දැවැන්ත මුදලක් ‌වෙන් කර‌ෙගෙන එම මුදල්වවලින් ‌පොලොන්නරුවේ විවිධ ව්‍යාපෘති සිදු කර ඇති බව පැවසුණද සත්‍ය වශයෙන්ම එවැනි මුදලක් වියදම් කළාද, එසේත් නැතිනම් දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවූවාද යන්න සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවට ‌‌පොලොන්නරුවේ මැතිඇමැතිවරුන් ආණ්ඩුවට පැමිණිලි ‌කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට බලධාරීන් සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
 
2015 ‌මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වූයේ රාජපක්ෂවරුන් හම්බන්තොටට විශාල වශයෙන් මුදල් ‌පොම්ප කර දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවන් සිදු කර ඇති බවට ‌චෝදනා කරමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න