ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් : ගෝපාල් බාග්ලේ !

 ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් : ගෝපාල් බාග්ලේ !

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස ශ්‍රී ගෝපාල් බාග්ලේ පත් කර ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ගෝපාල් බාග්ලේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද එහි දැක්වේ.

ඉන්දීය විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන ශ්‍රී ගෝපාල් බාග්ලේ  මේ වනවිට ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ කටයුතු කරයි. හෙතෙම ඉන්දීය විදේශ සේවයට එක්වූයේ 1992 වසරේදීය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස සේවය කළ තරංජිත් සිං සන්ධු  ඉකුත් දා එම ධුරයෙන් නික්ම ගියේය. හෙතෙම ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ඉන්දීය තානාපතිවරයා ලෙස වැඩ බාරගනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉන්දීය තානාපතිවරයා ලෙස කටයුතු කළ හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා  ඉකුත් දා (29) ඉන්දීය විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ලෙස රාජකාරී ඇරැඹීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න