ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මඟින් ගුරු පුහුණුව ලබා දුන් 1300කට රැකියා ලබාදීමේ හැකියාවක් නැතැයි ජනාධිපති ලේකම් කාර්යාලය ඔවුන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් ගේ මූලිකත්වයෙන් පසුගිය වසරේ සැප්තැම්බර් 10 වැනිදා ගුරු පුහුණුව සඳහා පත්වීම් ලිපි ලබා දී ඇතැයි ද තමන් සේවයෙහි ස්ථිර කරන බවට පැවති රජය පොරොන්දු දී ඇතැයි ද එහි දී භාෂා පුහුණු ගුරුවරු ජනාධිපති ලේකම්වරයා දැනුවත් කර ඇත.
එහෙත් අතරමග නතර කර ඇති පුහුණුව සම්පූර්ණ කිරීමට පහසුකම් සලසා දිය හැකි බව ජනාධිපති ලේකම්වරයා ඔවුන්ට දැනුම් දී ඇති බවත් දැනගන්නට ඇත.
එහෙත් ජනාධිපති ලේකම් පවසා ඇත්තේ නීතියට අනුව අගමැතිවරයා ලබා දුන් පත්වීම් ලිපියක් මත පිහිටා සේවය ස්ථිර කිරීමකට අවස්ථාව නැති බවය.

