සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ගොඩනැගෙන එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානයේ ලේකම්වරයා ලෙස එජාපයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන හිටපු අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර නම් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි විපක්ෂ නායක කාර්යාල ආරංචිමාර්ග පවසයි.
මිට අමතරව හිටපු අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, තලතා අතුකෝරල, ඉරාන් වික්‍රමරත්න මෙන්ම ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිශාන්ත කුරේ සහ එජාප හිටපු ලේකම්වරයකු වන තිස්ස අත්තනායක යන අයගේ නම් ද නව සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා යෝජනා වී ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.
අනිවාර්යයෙන් එජාප සාමාජිකයකු විය යුතුයි :
30 වැනිදා පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමේදී නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක යෝජනා කර ඇත්තේ, නව සන්ධානයේ මහ ලේකම් ධූරය අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකුට හිමිවිය යුතු බවයි.
එම යොජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත වී ඇති අතර එහිදී බොහෝ දෙනෙකු පෙන්වාදී ඇත්තේ, නව සන්ධානයේ මහ ලේකම්වරයාට සියලු පාර්ශව සමඟ කටයුතු කිරීමේ හැකියාවද තිබිය යුතු බවයි.
පත්කිරීමේ බලය සජිත් අතට : ඒත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාව අවශ්‍යයි !
ඉදිරි මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය, මැතිවරණයට මුහුණදීම සඳහා පිහිටුවන සන්ධානයේ නායකත්වය හා මැතිවරණ නාමයෝජනා මණ්ඩලයේ සභාපතිත්වය ද එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස වෙත ලබාදීමට ජනවාරි 30 දා පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කර තිබිණ.
එසේම, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවය ඇතිව පොදු සන්ධානයේ මහ ලේකම් පත්කිරීමේ බලය විපක්ෂනායක ප්‍රේමදාස වෙත පවරා ඇතැයි එජාප මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම් විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් විය. එහි වැඩිදුරටත් සදහන් වන්නේ පත්කිරීම සිදුකළ යුත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාව ඇතුව බවයි.
එජාප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් නිකුත්කල නිවේදනය පහත දැක්වෙයි.


