ජාතිවාදීන්ට කනේ පාරක් : නිදහස් දින ජාතික ගීය දෙමල බසින් ගැයීම අනුමතයි !

ජාතිවාදීන්ට කනේ පාරක් : නිදහස් දින ජාතික ගීය දෙමල බසින් ගැයීම අනුමතයි !

පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 72 වැනි ‘ජාතික නිදහස් දින උත්සවයේ’දී ද ජාතික ගීය දෙමල බසින් ගැයීමට රජයේ අනුමැතිය ලැබී ඇතැයි වාර්තාවේ. 

ඒ අනුව, යහපාලන ආණ්ඩු සමයේදී මෙන්ම මෙවරද නිදහස් දින උත්සවය අවසන් කිරීමට පෙර ජාතික ගීය දෙමළ බසින් ගැයීමට අනුමැතිය ලැබී ඇතැයි පැවසේ.

මෙවර ජාතික නිදහස් දින උළෙලේ දී ජාතික ගීය දෙමල බසින් ගැයීමට ඉඩනොදෙන ලෙස උදය ගම්මන්පිළ ඇතුළු ආණ්ඩුවේ අන්ත ජාතිවාදී නඩයෙන් ජනාධිපතිට හා අගමැතිට දැඩි බලපෑමක් එල්ලවිය. ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කළ යුතුය යන උද්ධච්ච තකතීරු මතය ඔවුහු දැන් මාසයක දෙකක කාලයක් තිස්සේ මාධ්‍ය ඔස්සේ ඉස්මත්තට ගනිමින් සිටිති.

ලෝකයේ කිසිඳු රටක් භාෂා දෙකකින් ජාතික ගීය ගායනා නොකරන බව ඔවුන්ගේ තර්කයයි.

ලෝකයේ කිසිම රටක ජාතික ගීය භාෂා කීපයකින් ගායනා කරන්නේ නැතැයි (එබඳු රටවල් බොහෝ ඇත.) මොහොතකට හිතමු. පළමුවරට ලංකාවේ ජාතික ගීය සිංහල දෙමළ දෙබසින් ගැයීම ඇරඹුණොත් එය ලෝකයට ආදර්ශයක් වනු නැද්ද?

2016-2019 දක්වා නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමෙන් ඇතැම් සිංහල අඳබාලයන්ගේ උද්ධච්චකමට පහර වැදුණා මිස වෙන සිදුවූ අයහපතක් නැත.

අගමැතිතුමා දෙමල මාධ්‍යවේදීන්ට කියපු කතාව !

කෙසේවුවද අගමැති මහින්ද රාජපක්ෂ ජනවාරි 14 වැනිදා දෙමළ මාධ්‍ය ප්‍රධානීන් සමග කරන ලද සාකච්ඡාවකදී පවසා තිබුනේ ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට කිසිදු තීන්දුවක් ගෙන නැති බවයි. 

ජාතික ගීය පිළිබඳ ප්‍රශ්නය ඔහු දකින්නේ පුවත්පත්වලින් බවත්, තම වේදිකාවල ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කරන බව නොකියන බවත් රටකට ජාතික ගී තිබෙන්නට හැක්කේ එකක් බවත්, ඉන්දියාවේ විවිධ භාෂා තිබුණද එක් භාෂාවකිවන් පමණක් ජාතික ගීය ගායනා කරන බවත් එහිදී අගමැතිවරයා පවසා ඇත.

එමෙන්ම දෙමළ උත්සවයකදී දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට හැකි බවත් එයට තහනමක් නොමැති බවත් රජයක් ලෙස ඒ ගැන තීරණයක් ගෙන නැති බවත් විවිධ මත තියෙන දේශපාලඥයන්ගේ ප්‍රකාශ ආණ්ඩුවේ මතය නොවන බවත් ඔහු සඳහන් කර තිබේ. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න