රනිල් ජාතික ලැයිස්තුවෙන් : සජිත් කොළඹට : මර්වින් හම්බන්තොටින් !

රනිල්  ජාතික ලැයිස්තුවෙන් : සජිත් කොළඹට : මර්වින් හම්බන්තොටින් !

අලුතින් පිහිටුවන විපක්ෂ සන්ධානයේ නායක, සජිත් ප්‍රේමදාස ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට නියමිත බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වන බවත් 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

විපක්ෂ නායකයා ලෙසත්, විපක්ෂ සන්ධානයේ නායකයා ලෙසත් අගමැති අපේක්ෂකයා ලෙසත් පැවරී ඇති අධික රාජකාරි කටයුතු සැලකිල්ලට ගෙන, මහ මැතිවරණයට කොළඹින් ඉදිරිපත් වන්නැයි හිතවතුන්  කිහිප දෙනෙකුම  සජිත් ප්‍රේමදාස ගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වෙයි.

එසේම රාජපක්ෂ බල කඳවුරක් වන හම්බන්තොට සිටීම සජිත් ප්‍රේමදාසට පෞද්ගලිකව අවාසි සහගත බවත් හම්බන්තොට පැවති එජාප ජන්ද පදනම අඛණ්ඩව දුර්වල වීම හේතුවෙන් පසුගිය සමයේ සිදුවූ විවේචනත් පදනම් කරගෙන මේ හිතවතුන් සජිත් ප්‍රේමදාස වෙතින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවත් වාර්තා වෙයි.

මර්වින් හම්බන්තොටින් එයි !

ඒ අනුව, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කොළඹ පැමිණි විට හම්බන්තොට සිදුවන පුරප්පාඩුව මැකීමට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඉදිරි මහ මැතිවරණයේදී විපක්ෂ සන්ධානය නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

artworks 000151903225 hxfa90 t500x500

හිටපු අමාත්‍ය මංගල සමරවීර මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් මර්වින් සිල්වාට මාතර දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන්නැයි මිට ඉහත දී එජාප නායකත්වයෙන් ඉල්ලීමක් ලැබී තිබු නමුත් මෙවර මහ මැතිවරණයට යළි මාතරින් ඉදිරිපත්වන බව මංගල සමරවීර එජාප නායකත්වයට දැනුම් දී ඇත. මර්වින් සිල්වා හම්බන්තොටට යැවීමට තීරණය කර ඇත්තේ ඒ අනුවය.  

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසුන මර්වින් සිල්වා, එජාපය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ද තේරී පත්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න