තමන් හිටපු ජනාධිපති සිරිසේන වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටින බව නීතිපති දප්පුල ලිවේරා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවසා ඇත.
නීතිපති ලෙස එදා පෙනීසිටියේ ඔහු එවකට ජනාධිපති වීම නිසා බවත් දැන් ඔහු එම තනතුරේ නොමැති බැවින් මේ දැනුම්දීම සිදුකර ඇත.
ඒ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද විමසා බැලුනු අවස්ථාවේ ය.
එහිදී හිටපු ජනාධිපති සිරිසේන වගඋත්තරකරුවකු ලෙස පෞද්ගලිකව නම් කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදී ඇත.
මෙම පෙත්සම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇත්තේ පාස්කු ප්‍රහාරය පදනම් කරගෙන තමාව අනිවාර්ය නිවාඩු යැවීමට එවකට ජනාධිපති සිරිසේන ගනුලැබූ තීරණය අත්හිටුවීමට වාරණ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා සිටිමින් ය.
වැඩිදුරටත් පෙත්සම විමසා බැලීම එළැඹෙන 26 වනදා සිදුවේ.

