''ජනපති - අගමැති අතර කිසිම එකඟතාවක් නෑ'' - ජනාධිපති මාධ්‍ය ඒකකය

''ජනපති - අගමැති අතර කිසිම එකඟතාවක් නෑ'' - ජනාධිපති මාධ්‍ය ඒකකය

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ ඇතිවූ බවට පළවන එකඟතා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

කෙසේ වුවත් මේ පිළිබඳ අපවෙත තොරතුරු වාර්තා කළ පාර්ශව සඳහන් කර සිටින්නේ ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කරන නිවේදනය පිළිගත නොහැකි බවත් ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැහැදිළි එකඟතාවක් ඇතිව තිබෙන බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයකු වෙතින් අප කළ විමසුමකදී ඔහු සඳහන් කර සිටියේ පෙබරවාරි 11 වනදා සන්ධ්‍යාවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පවත්වනු ලැබූ සාකච්ඡාවේදී ආණ්ඩුව පවත්වාගෙන යාම පිළිබඳ මුලික එකඟතාවක් ඇතිවූ බවට පිළිගත හැකි සාක්ෂි ඇති බවය.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

2018 02 12 PHOTO 00000086 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න