ශ්‍රීලනිප - ජවිපෙ පුළුල් සන්ධානයක් : විපක්ෂ නායක අනුර !

ශ්‍රීලනිප - ජවිපෙ පුළුල් සන්ධානයක් : විපක්ෂ නායක අනුර !

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කළ යුතු බව අවධාරණය කර සිටින ආණ්ඩු පක්ෂයේ ශ්‍රීලනිප අමාත්‍ය කණ්ඩායම, එජාපය එම තීරණයට එකඟ නොවන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව පුළුල් විපක්ෂයක් ගොඩනැගිය යුතු බවට ජනාධිපතිවරයාට යෝජනා කර ඇත.

ඒ අනුව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත් කිරීමටද යෝජනා කර තිබේ.

මේවනවිට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස්  සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරු සංඛ්‍යාව 41කි. ජවිපෙ මන්ත්‍රීවරු සංඛ්‍යාව 06කි.

පරාජයට හේතුව ?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙල හා බැඳුම්කර චෝදනාව ආණ්ඩුවේ පළාත් පාලන මැතිවරණ පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඉරිදා (පෙබරවාරි 11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් හා ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවේදී පවසා තිබේ.

ඒ අනුව, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න