මහින්දානන්දගේ නඩු විභාගය මහ මැතිවරණයට පස්සේ !

මහින්දානන්දගේ නඩු විභාගය මහ මැතිවරණයට පස්සේ !

රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංගසය නැමැති වෘත්තිය සමිතියේ මුදල් වංචා කිරීමේ සිද්ධියකට අදාළව ගොනුකර තිබූ නඩුවක වැඩිදුර විභාගය ජුනි මස 22 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි  අද (17) නියෝග කර තිබේ.

වෙනත් නඩුවක් අද දින විභාගයට ගැනීමට නියමිතව තිබෙන හෙයින් මෙම නඩුවේ විභාගය ජුනි මස 22 වනදා සහ 23 වනදාට කල් දමන බව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංගසය නැමැති වෘත්ති සමිතියේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් එම සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව පැවති පාලන සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න