රටපුරා රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් !

රටපුරා රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් !

මෙරට රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධ හා උපකරණ ගෙන්වා ගැනීමේ සිට ඒවා නැවත රෝහල් කරා නිවැරදිව බෙදා හැරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ නිසි වැඩපිළිවෙලක් හා කළමණාකාරීත්වක් නොමැති කමින් මේ වන විට දිවයින පුරා රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ විශාල සංඛ්‍යාවක හිඟයක් මතුව ඇති බව වාර්තා වෙයි.

මේ බව සඳහන් කරමින් සමස්ථ ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්එස්.බී. මැදවත්ත නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

මේ තත්ත්වය හමුවේ ප‍්‍රතිකාර කරා රෝහල්වලට පැමිණෙන අහිංසක රෝගීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටි. මේ තත්ත්වය සායන වලින් සහ බාහිර රෝගී අංශවලින් ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ද ඉතා දැඩිව බලපා තිබේ.

පිළිකා රෝගීන්, මානසික රෝගීන්, ස්නායු රෝගීන්, දියවැඩියා රෝගීන් සඳහා මෙන්ම සාමාන්‍ය රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධ වර්ගවල ද දැඩි හිඟයක් ඇතිව තිබේ. මේ තත්ත්වයට ඉතා කඩිනමින් විසඳුම් ලබා නොදුණහොත්, ඉතා ඛේදනීය තත්ත්වයන්ට රෝගී ජනතාවට මුහුණ දීමට සිදු වන බව අපගේ අදහසයි. එබැවින්, ආණ්ඩුව වහාම ඇතිවී තිබෙන මෙම තත්ත්වය සමනය කිරීමට කඩිනම් පියවර ගත යුතුය.

මෙම ඖෂධ හිඟය සම්බන්ධයෙන් වැඩිමනක් තොරතුරු සමඟ සියලූ ජනමාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් 2020.02.21 දින, පෙ.ව 10.00 ට, පුංචි බොරැල්ල, උදේනි මල් ශාලාව ඉදිරිපිට, 949/4, මරදාන පාර, කොළඹ 08 ස්ථානයේ පිහිටි සමස්ත ලංකා හෙද සංගමයේ මුලස්ථානයේ දී පැවැත්වේ. ඒ සඳහා ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදී මහත්ම, මහත්මියක සහභාගි කරවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න