විසිවෙයි කියලා බයේ : ණය වැඩිකරන යෝජනාව හකුලා ගනියි !

විසිවෙයි කියලා බයේ : ණය වැඩිකරන යෝජනාව හකුලා ගනියි !

රාජ්‍ය ණය සීමාව ඉහළ නැංවීමේ වෙනුවෙන් අද (20) ආණ්ඩුව ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ  ‌යෝජනාව ඉල්ලා අස්කරගැනීමට  සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කටයුතු කර ඇත.

පාර්ලිමේන්තුවේ අද  පැවැති හදිසි පක්ෂ නායක රැස්වී‌මේදී ‌මෙම තීන්දුව ‌ගෙන තිබේ.

මෙම ‌යෝජනාවට විපක්ෂය විසින්  හදිසි ජන්දයක් ඉල්ලා සිටීමට සූදානමින් සිටින බවට ලැබුණු ‌තොරතුරක් මත ආණ්ඩුව හදිසි පක්ෂ නායක රැස්වීමක් කැදවීමට පියවර ‌ගෙන තිබිණ.

අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීම හරහා ආණ්ඩුවේ ණය සීමාව රුපියල් බිලියන 721 සිට රුපියල් බිලියන 1078 දක්වා ඉහළ නංවාගැනී‌මෙන් බිලියන 357ක අමතර මුදලක් ලබා ගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව විය.

මෙම යෝජනාව ඉල්ලා අස්කරගන්නා අවස්ථාවේ සභානායක දිනේෂ් ගුණවර්ධන සඳහන් කර සිටියේ පසුගිය ආණ්ඩුව ඉදිකිරීම් ඇතුළු කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට තිබූ මුදල් ගෙවා නොමැති බවය.

එහෙත් එය සත්‍යයෙන් තොරය. පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසා සිටියේ 2015 ආණ්ඩු පෙරළිය සිදුවන අවස්ථාවේ ද මහින්ද පාලනයේ ගෙවීමට තිබූ ණය ඔය ආකාරයට තිබූ බවත් ඒ ණය යහපාලන ආණ්ඩුව ගෙවූ බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න