ජනාධිපති රේගුවේ ප්‍රධානියා කළ හමුදා නිලධාරියා : අගමැති අණින් ඉවතට ?

ජනාධිපති රේගුවේ ප්‍රධානියා කළ හමුදා නිලධාරියා : අගමැති අණින් ඉවතට ?

විශ්‍රාමික මේජර් ජනරාල්වරයකු රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත් කිරීමට රජය විසින් ගත් තීරණය අත්හිටුවන බවට මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට සහතික වී ඇත.

අගමැතිවරයා එවැනි සහතිකක් ලබාදී ඇත්තේ, එම සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමග ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ජාවකදීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ තනතුරක් වන රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට විශ්‍රාමික හමුදා නිලධාරියකු පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය එහිදී දැඩි ලෙස විරෝධය පළකර තිබේ.

මෙකී තනතුරට සුදුසුකම් ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 300කට වැඩි පිරිසක් සිටින බව අගමැතිවරයාට පවසා ඇති එම සංගමයේ නිලධාරීන්, මෙසේ බාහිරව විශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කිරීම පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ඉදිරිපත් කළ 'සුදුසු නිලධාරීන්ට සුදුසු තැන' ප්‍රතිපත්තියට මුළුමනින්ම පටහැනි බවද පෙන්වා දී ඇත.

පසුගිය රජය සමයේද හිටපු මුදල් ඇමති මංගල සමරවීර නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියකු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත්කිරීමට කටයුතු කළ අවස්ථාවේදී එම ප්‍රයත්නය ව්‍යර්ථ කිරීමට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට පවා තම සංගමයට සිදුවූ බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නිලධාරීන් අගමැතිවරයාට තවදුරටත් පැහැදිලිකර දී ඇත.

 මහ මැතිවරණයක් ආසන්නයේ වෘත්තීය සමිති සමග අනවශ්‍ය ගැටුමකට යාමට රජයට අවශ්‍යතාවයක් නැතැයි මෙහිදී පවසා ඇති අගමැතිවරයා, රේගුවට හමුදා නිලධාරියකු පත් කිරීමට ගත් ක්‍රියාමාර්ගය අත්හිටුවන බවට සහතික වී තිබේ.

රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය මාස දෙකකට ආසන්න කාලයක් හිස්ව පවතින අතර ඊට හේතු වුයේ එම තනතුරේ කටයුතු කළ  පී.එස්. එම්. චාල්ස් මහත්මිය ජනාධිපතිවරයා විසින් උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පත් කිරීමයි.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී විශ්‍රාමික රියර් අද්මිරාල් ශමාල් ප්‍රනාන්දු රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කිරීමට ගත් උත්සාහයේදී රේගුවේ වෘත්තීය සමිති හා ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධයක් දක්වමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනු ලැබිය.

 ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් ජනාධිපති ලේකම් වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න