සජිත් වෙනම ඉල්ලන්න යයි : රනිල්ගේ තීන්දුව බ්‍රහස්පතින්දා !

සජිත් වෙනම ඉල්ලන්න යයි : රනිල්ගේ තීන්දුව බ්‍රහස්පතින්දා !

එළඹෙන මහමැතිවරණයේදී ‌වෙනම සන්ධානයක් ‌ලෙස තරග වැදිය යුතු බවට වූ අවසන් තීන්දුව විපක්ෂ නායක  සජිත් ‌ප්‍රේමදාස විසින් ඊයේ  (24) ගෙන ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඊයේ රැස්වූ සජිත් පාර්ශවයේ ප්‍රධාන පෙළේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟ පැය 4ක සාකච්ජාවකින් අනතුරුව ‌මෙම තීන්දුව ගෙන ඇති බවත් වාර්තා වෙයි.

එහිදී සජිත් පාර්ශවයේ කිහිපදෙනෙකු අලියා ලකුණ ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ හරහා සැළසුම් කර ඇති ඉදිරි වැඩපිළිවෙල කඩාකප්පල් වීමට හැකි බවට සැක මතුකර ඇත.

ඒ අනුව තවදුරටත් කාලය නාස්ති කරමින් ‌නොසිට නව සන්ධානය ‌ගොඩනැගීමේ කටයුතු වහාම අවසන් කළ යුතු බවද එහිිදී ඔවුන් ‌පෙන්වා දී ඇත.

ඒ අනුව අවසානයේදී තීන්දු වී ඇත්තේ ‌මෙම සති අන්තයේ සිටම මැතිවරණය සදහා නාමයෝජනා කැදවීමේ කටයුතු ආරම්භ කිරීමටය.

එමෙන්ම සෑම සතිඅන්ත පුවත්පත්වල දැන්වීම් පළ කරමින් ‌මෙම නව සන්ධානය පිළිබදව ජනතාව දැනුවත් කිරීමටත්, සදුදා දිනයේ එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත් තීන්දු වී ඇත.

රනිල්ගේ තීන්දුව බ්‍රහපතින්දා !

මේ අතර එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ උද්ගතව ඇති තත්ත්වය මෙන්ම මහ මැතිවරණය සම්බන්ධව එළඹෙන බ්‍රහස්පතින්දා(27) දිනයේ තීරණාත්මක තීන්දුවක් දැනුම්දීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සූදානමින් සිටින බවය.

සිය ඉන්දීය සංචාරයට ප්‍රථම තමන්ට හිතවත් මන්ත්‍රීවරුන් කැදවා ඇති එජාප නායක රනිල් වික්‍රමසිංහ මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධ‌යෙන් ඇති ගැටලු විසදාගන්නා ‌ලෙසත්, එසේ ‌නොවුණහොත් තමන්ගේ ස්ථාවරය බ්‍රහස්පතින්දා දිනයේදී ප්‍රකාශයට පත්කරන බවත් දැනුම් දී ඇති බවත් දැනගන්නට ඇත. 

බෙදුණොත් විනාසයි !

එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය මුල් කරගෙන මතුව ඇති ගැටළුව සම්බන්ධව  දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානය රනිල් - සජිත් ලෙස බෙදුණහොත් එම දෙපාර්ශවයටම එමගින් බරපතළ හානියක් සිදුවන බවය. පක්ෂ යාන්ත්‍රණ බෙදීමේ සිට ජන්ද පදනම් බෙදීයාම සිදුවී එහි වාසිය ආණ්ඩුවට ලැබෙන බවත් ඔවුන් පෙන්වා දෙයි.

එසේම නායකත්වය සම්බන්ධ අර්බුදය විසඳාගත යුතුව ඇත්තේ මැතිවරණ සමයකදී නොවන බවත් වඩාත් සුදුසු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය ශක්තිමත් කිරීම වෙනුවෙන් කටයුතු කිරීම බවත් ඔවුන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න