ගුරු – විදුහල්පති ලෙඩ වීමෙන් පාසල් කටයුතු අඩාල වෙයි

ගුරු – විදුහල්පති ලෙඩ වීමෙන් පාසල් කටයුතු අඩාල වෙයි

ගුරු – විදුහල්පති වෘත්තිය සමිති ආරම්භ කළ අසනීප නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හමුවේ පාසල් කටයුතුවලට අද දින (26) බාධා මතු ව තිබේ.

එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ළමුන්ගේ පැමිණීමේ අඩුවක් ද දක්නට ඇති බවත්, දිවයිනේ රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු අඩාලවී ඇති බවත් වාර්තා වෙයි.

ගුරු-විදුහල්පති සේවාවන් සංවෘත සේවාවන් බවට පත්කර සමස්ත වැටුප් විෂමතා ඉවත් කරන තුරු ලබාදීමට පොරොන්දු වූ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ අතුරු වැටුප් යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාළ චර්‍කලේඛය නිකුත් කරවා ගැනීම, ගුරුවරුන්ට පීඩාකාරී කොළ පිරවිලි නැවැත්වීම, අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 6% ක් වෙන් කරවා ගැනීම, දේශපාලන පලිගැනීම් පත්වීම් ලබාදීම නතර කිරීම, 2016 සිට නවතා ඇති විශ්‍රාම වැටුප ලබාගැනීම ඇතුළු ඉල්ලීම මුදල් කර ගනිමින්  ගුරු විදුහල්පති මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන ලදී.

87524791 3288540194507733 1413306353648140288 o

88010703 3288544577840628 335574243037151232 o

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න