පුළුල් පෙරමුණකින් එජාපය සූදානම් : රනිල් මංගලගේ වැඩේදී කියයි !

පුළුල් පෙරමුණකින් එජාපය සූදානම් : රනිල් මංගලගේ වැඩේදී කියයි !

පුළුල් පෙරමුණකින් යුතුව ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

රට ජාතිය අසීරුතාවයට පත්වූ සෑම අවස්ථාවකම රට බේරා ගැනීමට පෙරට පැමිණියේ එක්සත් ජාතික පක්ෂය බවත්, රට එවැනි අර්බුදකාරී අවස්ථාවකට මුහුණදී සිටින මේ අවස්ථාවේදී ද රට එම අර්බුදයෙන් ගලවා ගැනීම සඳහා පුළුල් පෙරමුණකින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වන බවත් ඔහු කියා සිටියේ, හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ මාතර නිවසේ   අද (29) පැවති උත්සවයකදීය.

2020 මහ මැතිවරණය සඳහා තම අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීම සඳහා මංගල සමරවීර විසින් සංවිධානය කර තිබු එම රැස්වීම පැවතියේ රනිල් වික්‍රමසිංහගේ සහභාගිත්වයෙනි.

''එඩිතර මාතරකම' යන තේමාව යටතේ මංගල සමරවීරගේ මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම එළිදැක්වූයේ 'එක්සත් ජාතික මංගල' යන ලේබලය යටතේය.

Screen Shot 2020 02 29 at 11.18.48 AM
මෙම උත්සව සභාව ඇමතු එජාප නායකයා, වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ අදුරදර්ශී කළමනාකරණය යටතේ ආර්ථිකය දවසින් දවස පහලට ඇද වැටෙන ආකාරය විග්‍රහ කරමින්, අගමැති මහින්ද රාජපක්ෂට ඉන්දියාවට ගොස් හිඟා කෑමට පවා සිදුව ඇතැයි කියා සිටියේය.

''මෙහෙම හිඟාකන එක සිංහලකමදැයි '' විමසා සිටී එජාප නායකයා, මෙලෙස ලෝකය ඉදිරියේ බාල්දු නොවී, හිඟා නොකා ජීවත්වීමට යළි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න