පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මග පාදන ලද්දේ උකුස්සකු පහරදෙන ආකාරයකට බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.
තමන් උකුස්සෙකු සේ වෙලාවට පහරදෙන බවට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති විසින් කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ආදීන්ට ද සිරිසේන විසින් ගැහුවෙ උකුසා ගැහිල්ල බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
නමුත් අන්තිමට උකුස්සා ගැහිල්ල එක්සත් ජාතික පක්ෂයට ගහන්න පැමිණියද එය කරගැනීමට නොහැකි වූ බවද ඔහු පැවසීය.
මෛත්‍රීපාල සිරිසේන යනු රට ගැන තඹයකට නොසිතන ඕනෑම පහත් ගැහිල්ලක් ගහන පුද්ගලයෙකු බවද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.