හිටපු අමාත්‍ය රවී කරුණානායක, අර්ජුන ඇලෝසියස්, අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 12 දෙනෙකු සම්බන්ධයෙන් වරෙන්තු ලබා ගෙන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ලිවේරා අද (03) වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
ඒ, 2016 වසරේ මාර්තු 29 සහ මාර්තු 31 සිදු වූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසීවලට අදාළවය.
ඒම වෙන්දේසිවලදී රුපියල් බිලියන 51.98 ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලකර ඇති බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මෙහි සෙසු සැකකරුවන් වන්නේ කකසුන් පළිසේන, ජෙෆ්රි ජෝසොප් ඇලෝසියස්, රන්ජන් හුලුගල්ලෙයි, මුත්තුරාජා සුරෙන්ද්‍රන්, ආජාන් පුංචිහේවා, බුද්ධික සරත්චන්ද්‍ර, සංගරපිලේලෛයි පදුමනාපන්, ඉන්දික සමන්කුමාර යන අය සහ පර්පෙචුවල් ටෙෂරිස් සමාගමය.
රවී අත්අඩංගුවට ගන්න චෝදනාව මොකක්ද ?
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ අනෙක් සැකකරුවන් කෙසේ වෙතත් රවී කරුණානායක මන්ත්‍රීවරයා අඅත්අඩංගුවට ගැනීමට නියෝග නිනිකුත් කිරීම ගැටලු සහගත බවයි.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ මේ වන විට විමර්ශනය කර ඇති ජනාධිපති කොමිසම මෙන්ම වෝහාරික විගණන වාර්තාවේ පවා රවී කරුණානායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් චෝදනා නොමැති බවත් ඔවුන් සඳහන් කරයි.
තවද මෙකී සිදුවීම සිදුවන අවස්ථාවේ මහ බැංකුව ගැසට් කර තිබුණේ එවකට අගමැති වූ රනිල් වික්‍රමසිංහ යටතේ බවත් දේශපාලන විචාරකයන් සිහිපත් කරයි.
මේ හේතුවෙන් මෙකී කටයුත්ත දේශපාලන පළිගැනීමක් ලෙස අර්ථ ගැන්වීමට පැහැදිලි ඉඩක් ඇති බවත් පෙන්වා දෙන දේශපාලන විචාරකයන් අවධාරණය කර සිටින්නේ හදිසියේ සහ ජනප්‍රිය තීන්දු ගැනීමට වඩා වැදගත් වන්නේ සිදුවීමට අදාළ සෘජු සම්බන්ධතා ඇති පිරිස අත්අඩංගුවට ගැනීමට නියම කරේ නම් වැදගත් බවය.
මේ අතර අද මෙම පුවත ප්‍රචාරය වී මිනිත්තු කිහිපයක් ගතවෙද්දී රවී කරුණානායක මන්ත්‍රීවරයා සිය ෆේස් බුක් පිටුවේ මෙවැනි සඳහනක් තබා තිබිණ.