මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නව නඩුවක් ගොනු කිරීමට ඇමෙරිකානු අධිකරණයක් ලබාදුන් තීන්දුවක් අනුව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංගට අවස්ථාව හිමිව තිබේ.
අහිම්සා වික්‍රමතුංග මීට පෙර කැලිෆෝනියා දිසා අධිකරණයක ගොනු කළ නඩුව එම අධිකරණය විසින් ඉවත දැමූ අතර එයට එරෙහිව ඇය ඇමෙරිකාවේ නව වැනි චක්‍රීය අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය අනුව මෙසේ අනාගතයේදී නඩුවක් ගොනු කිරිමට අවස්ථාව ලැබී තිබේ.
අහිම්සා වික්‍රමතුංග මහත්මිය වෙනුවෙන් පෙනී සිටින යුක්තිය හා වගවීම පිළිබඳ මධ්‍යස්ථානය මෙම නඩුව ගොනු කරමින් සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන සමයේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුවූ බවත් එයට ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ බවයි.
මෙම නඩුව මුලින්ම පසුගිය වසරේ අප්‍රේල් මාසයේ කැලිෆෝනියා දිසා අධිකරණයේ ගොනු කළේය. එහි තීන්දුව පසුගිය ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශ කරමින් දිසා අධිකරණය සඳහන් කළේ එවකට ගෝඨාභය රාජපක්ෂ නිලධාරියෙක් වශයෙන් විදේශීය නිලධාරී මුක්තියට ඔහු යටත්වන බවයි.
ගෝඨාභය රාජපක්ෂ පසුගිය නොවැම්බරයේ දී ශ්‍රී ලංකා ජනාධිපතිධුරයට පත්වීම හේතුවෙන් ඔහු ජනාධිපතිධුරයේ රැඳී සිටින තාක් කල් එක්සත් ජනපද උසාවිවල නඩු වලින් නිදහස් වීමට රාජ්‍ය නායක මුක්තිය තිබේ.
කෙසේ අගතියකින් තොරව තමාගේ නඩුව අගතියකින් නිෂ්ප්‍රභ කරන ලෙස අහිම්සා කළ ඉල්ලීම නවවැනි චක්‍රීය අභියාචනාධිකරණයපිළිගත් හෙයින් ගෝඨාභය රාජපක්ෂට රාජ්‍ය නායකයෙකු ලෙස ලැබෙන මුක්තිය අහෝසිවීමෙන් පසු ඔහුට එරෙහිව අනාගතයේදී නඩු පැවැරීමට අවස්ථාව උදා වී තිබේ.