පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක වරෙන්තු ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් වීම දැඩි ප්‍රහේලිකාවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
අද (04) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මේ බව සඳහන් කළ අතර ප්‍රශ්නගත සිදුවීම සිදුවන විට තමන් මුදල් ඇමති ලෙස කටයුතු කළ නමුත් බැංකු හෝ මහ බැංකුව යන කිසිවක් තම විෂය පථය යටතේ නොතිබූ බවත් පැවසීය.
ඒ අනූව මේ සිදුකර ඇත්තේ ජන්දය ආසන්නයේ පක්ෂයට , ජනතාවට , සහ තමන්ට එරෙහි කුමන්ත්‍රණයක් බවත් පැවසීය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මෙහි වගකීමක් ඇති බවත් ඔහු පැවසීය.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාව අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ නම ඊට ඈඳා ප්‍රශ්නයක් ඇතිකළ බවත් එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සිහිපත් කළේය.
2017 ඒ සම්බන්ධව සිදුකළ ප්‍රශ්න කිරීමට අද වනතුරු උත්තරදී නොමැති බවත් ඔහු පැවසීය.
එහෙත් කිසිදු විමර්ශනයක තමන්ට චෝදනා කර නොමැති බවත් ඔහු පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය වෙත නිකුත්කළ වීඩියෝව පහත දැක්වෙයි.

