බෙදෙන්න ගිය එජාපය එක්වෙන ලකුණු : රාජිත ඉදිරිය කියයි !

බෙදෙන්න ගිය එජාපය එක්වෙන ලකුණු : රාජිත ඉදිරිය කියයි !

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මහ මැතිවරණය මෙහෙයවීමේ කටයුතු හිටපු කතානායක  කරු ජයසූරියගේ නායකත්වයෙන් සිදු කළ යුතු යැයි කළ යෝජනාවට සමගි ජන බලවේගයේ නායක  සජිත් ප්‍රේමදාසගේ අකමැත්තක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (04) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්‍ ය.

 එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තනතුරෙහි වෙනසක් සිදු කර අලියා ලකුණින් ඉදිරි මැතිවරණය සදහා ඉදිරිපත් වීමට සජිත් ප්‍රේමදාස  කැමැත්ත පළ කළ බවත් ඔහු  පැවසීය.

මෙම කරුණු පිළිබද තමන් සජිත් ප්‍රේමදාස  සමග පෞද්ගලිකවම සාකච්ඡා කළ බව ද රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පැවසීය.

අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයාද එජාප  මහලේකම් ධුරයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කළ බවත්  ව්‍යවස්ථා සංශෝධන කිරීමෙන් පසු දෙපිරිස අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට ද නියමිත බවත් එහිදී පැවසිණ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (04) පස්වරු 3ට රැස්වීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න