පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වියයුතු බව විමල් වීරවංශ අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
ඔහු පවසන්නේ ඒ සඳහා ඔවුන්ගේ නිලතල අදාල නොවන බවයි.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව පැවසීය.
දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ද විත්තිකරුවකු කර නාමයෝජනාවලට පෙර නීතිය හමුවට ගෙන ඒමේ සුදානමක් මේවනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.
''පාස්කු ප්‍රහාරය දැනගෙන සිටි උකුස්සන් එය වලක්වා නොගෙන බකන් නිලාගෙන සිටියා'' යයි විමල් විරවංශ ඇමතිවරයා පෙරේදා පැවසුයේ ඒ සඳහා අවශ්‍ය ජනමතය සැකසීම සඳහා බවද වාර්තාවේ.

