සිරිසේනගේ උකුසු හොටේ : රාජපක්ෂලා මොට කරයිද ?

සිරිසේනගේ උකුසු හොටේ : රාජපක්ෂලා මොට කරයිද ?

පසුගිය ආණ්ඩු සමයේදී ඇතැම් අය උකුස්සන් වීමට උත්සාහ කිරීම නිසා පීඩාවට පත්වූයේ ජනතාව බව අගමැති මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කර ඇත්තේ කුරුණෑගල පැවති වැඩසටහනක් අමතමින්ය.

පැවති එම ආණ්ඩුවේ ජනාධිපති අගමැතිට පක්‍ෂ නොවුන බවත් අගමැති ජනාධිපති පක්ෂ නොවූ බවත් එහිදී පවසා ඇති අගමැති මහින්ද ඒ හේතුවෙන් රටට සේවයක් වුණේ නැතැයිද පවසා තිබේ.

පාරේ ඇවිද්දවනවා කියූ අයත් අද අපේ පක්ෂයේ - නාමල් 

මේ අතර පසුගියදා පැවති ජන හමුවක අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂ හදන්න උත්සාහ කළොත් පාරේ ඇවිද ඇවිද ඉන්න වැඩ සලස්සවන බව කියූ ඇතැමුන් අද තම පක්ෂයේ නාමයෝජනා ඉල්ලා ඇති බවයි.

ඒ ගැන ගැටළුවක් නැති බවත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් වෙනුවෙන් පාර්ශව එක්කර ගැනීමට පොදුජන පෙරමුණ කටයුතු කර ඇති බවත් ඔහු එහිදී පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවාගත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ඉදිරි මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් තරග කරන බව මැතිවරණ කොමිෂන් සභාව වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.
 
කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිගේ උකුසු කතාව හේතුවෙන් ශ්‍රීලනිප අපේක්ෂකයන් බරපතල අවධානමකට පත්වීමට වැඩි ඉඩක් ඇති බවය. එහිදී පොදුජන පෙරමුණ විසින් සංවිධානාත්මකව ශ්‍රීලනිප අපේක්ෂකයන්ගේ මනාප අඩුකර ඔවුන්ට පාර්ලිමේන්තුවට ඒමට ඇති ඉඩ අවුරනු ඇති බවත් එම තත්ත්වය 2015 අගෝස්තු මහ මැතිවරණයට වඩා මෙවර උග්‍ර වනු ඇති බවටත් විචාරකයන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න