ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජනබලවේගය ‘දුරකථනය’ ලකුණින් තරඟ වදින බව මැතිවරණ කොමිසමට දැනුම්දී ඇති බව වාර්තා වෙයි.
හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය මහලේකම් ධුරය දරන රංජිත් මද්දුමබණ්ඩාර විසින් මේ බව මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දී ඇත.
රටපුරා දිස්ත‍්‍රික්ක 22ක් සදහා ‘දුරකථනය’ ලකුණින් තම බලවේගය තරග වදින බවත් ඔහු දන්වා තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයද රටපුරා මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා අලියා ලකුණින් තරඟ වදින බවට මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.
මේ අතර ඉදිරි මැතිවරණය සඳහා පක්‍ෂ ලකුණු වෙනස් කිරීම සඳහා ලබාදුන් කාලය අද දින අවසන් වෙයි.
මේ අතර සමගි ජන බලවේගය දුරකතනය ලකුණින් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත බවට ඉඟියක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් සිය ෆේස් බුක් ගිනුමේ සඳහන් කර තිබුණේ මේ ආකාරයටය.


