රවීගේ පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවට !

රවීගේ පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවට !

තමන්ව අත්අඩංගුවට  ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ ඒක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක ඇතුළු හතරක් දෙනෙක් ගොනු කළ රිට් පෙත්සම් ත්‍රිපුද්ගල  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ සලකා බැලීමට අභියාචනාධිකරණය අද (11) තීන්දු  කර ඇත.

ඒ අනුව මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු  ඒ.එච්.එම්.ඩී නවාස් සහ ශිරාන් ගුණරත්න සහ විනිසුරු සෝභිත රාජාකරුණා හමුවේ කැඳවේ.

මෙම පෙත්සම් මහජන උනන්දුවක් සහිත එකක් හෙයින් එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි නීතිපති ඉදිරිපත් කල මෝසමක් සැලකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළ බව වාර්තා වෙයි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝෂිස් , මහ බැංකු වේ හිටපු නිලධාරියෙකු වන සංගරපිල්ලෙයි පදුමනාදන් සහ බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර විසින්  ඊයේ(10) මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබිණ.
 
නීතීඥ ගෞරී තවරාසා සහ සුදත් පෙරේරා  නීතීඥ සමාගම ගොනු කර ඇති මෙම රිට් පෙත්සම් හී වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා, වැඩබලන පොලිස්පතිවරයා , කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.
 
තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් , එබැවින් තම රිට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත් , එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරැ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර හිටපු මන්ත්‍රී රවි කරුණානායක  ඇතුළු පිරිස සිය පෙත්සම් වලින් ඉල්ලා ඇත.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න