එළඹෙන මහමැතිවරණයට පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර සඳහා අත්සන් තැබීම අද (11) අගමැති රාජපක්ෂගේ නිවසේ දී සිදුකර ඇති නමුත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අමාත්‍ය මහින්ද අමරවීර අත්සන් තබා නැති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
එහෙත් පොදුජන පෙරමුණ යටතේ තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අත්සන් තබා ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගී වී සිටි අතර හිටපු ජනාධිපති සිරිසේන ද ඒ අතර විය.
වෙනම ඉල්ලා 25ක් ගන්න සූදානම් !
මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් අත ලකුණ යටතේ වෙනම තරග කිරීම සම්බන්ධව බරපතළ සාකච්ඡාවක් පවතී.
විශේෂයෙන් දයාසිරි ජයසේකර මෙන්ම වීරකුමාර දිසානායක පසුගිය අවස්ථා කිහිපයකදී ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධව ඉඟි පලකළ අතර ඊයේ පේෂල ජයරත්න පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කළහොත් ආසන 25ක් පමණ දිනා ගැනීමට හැකියාව ඇති බවය.
ඊට අදාළ තීරණාත්මක තීන්දුවක් ගැනීම වෙනුවෙන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව ඇත.

