වරෙන්තු ලබා සිටි ජනාධිපති කොමිසමේ ලේකම්වරිය අධිකරණයට භාරවෙයි !

වරෙන්තු ලබා සිටි ජනාධිපති කොමිසමේ ලේකම්වරිය අධිකරණයට භාරවෙයි !

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල්. කේ . වීරසිංහ අද (11) සිය නීතිඥවරුන් මාර්ගයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණයට භාර වී ඇති බව වාර්තා වෙයි.

 නිතිඥ සෙනරත් ජයසුන්දර මගින් අදාල ලේකම්වරිය අද දහවල් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත්වී තිබේ.

එහිදී ලේකම්වරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෙනරත් ජයසුන්දර විසින් අධිකරණයට දන්වා සිටියේ අධිකරණය විසින් ඉල්ලා සිටින ලේඛන සියල්ල  භාරදීමට තම සේවාදායකාව සූදානම් බවය.

ඒ අනුව  අදාළ ලේඛන සියල්ල හෙට (12) දින තුළ රහස් පොලිසිය වෙත බාර දෙන්නයි  ලේකම්වරියට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඇය වෙනුවෙන් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවා ඇත.

සාමාන්‍ය වරෙන්තු කළ පුද්ගලයෙකුට අදාළ වරෙන්තුව ආපසු කැඳවීමේ දී බැඳුම්කරයක් නියම කරනු ලැබුවත් ජනාධිපති පරීක්ෂණ කොමිසමට තිබෙන ගරුත්වය සහ ලේකම්වරිය අධිකරණයට ඉදිරිපත් වීම සැලකිල්ලට ගෙන එවැනි බැඳුම්කරයක් නියම නොකරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විකුම් කළුආරච්චි  විවෘත අධිකරණයේ සඳහන් කළ බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න