කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති ලාංකිකයාගේ දරුවා කොළඹ ආනන්ද විදුහලේ 12 වසරේ අධ්‍යාපනයලබන බවට වාර්තාවීමත් සමග එම විදුහල තුල හා අවට අද (12) පෙරවරුවේ යම් නොසන්සුන්තාවයක් ඇති විය.
මෙම නොසන්සුන්කාරී තත්ත්වය මතුව ඇත්තේ, දෙමාපියන් සිය දරුවන් නැවත නිවෙස්වලට ගෙන යාම සඳහා පැමිණීම නිසාය.
නමුත් එම තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බවත් වාර්තා වෙයි.
කෙසේවුවද අප වෙත වාර්තා වන්නේ, එම දරුවා ඇතුළු එම පවුලේ සාමාජිකයින් නිවාස තුළම රඳවා නිරෝධායනය කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
එම දරුවට කොරෝනා වෛරසය ආසාදනයවී නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේවනවිට තහවුරුකර ඇත. ඒ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වෙයි.

තවද කොරෝනා ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබන පුද්ගලයා සේවය කළ ස්ථානය පිහිටි කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි ගොඩනැගිල්ලේ සිව්වන මහල මේ වන විට සම්පුර්ණයෙන් සීල තබා ඇති බවත් එහි සේවය කල පිරිසද නොරෝධායනය සඳහා යොමුකර ඇති බවත් වාර්තා වෙයි.
බාහිර වැඩ එපා - අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක් !
එසේම කොරෝනා වෛරසය (කොවිඩ්-19) ආසාදිතයෙකු වූ රෝගියෙකු මෙරටින් හඳුනාගැනීමත් සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි කවර හෝ අවදානමෙන් ශ්‍රී ලාංකීය දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව එම අමාත්‍යංශය පවසයි.
ඊට අනුව මෙම වෛරසය ආසාදිතව ඇති පුද්ගලයා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංචාරය කර ඇති බව වාර්තා වි ඇති බැවින් ඉදිරියේ දී යොදා තිබෙන සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා නතර කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.
රටේ දරුවන් සම්බන්ධව වඩාත් සංවේදීව කටයුතු කළ යුතු මොහොතක් බැවින් මෙම තීරණ ගෙන ඇති අතර, දරුවන් ඇතුළු සියලු දෙනාගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් නිසියාකාරව පිළිපදින ලෙසද අවධාරණය කරන අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා බවද වැඩිදුරටත් දන්වා සිටියි.
තවද පැතිර යන විවිධ කටකතා සහ සාවද්‍ය තොරතුරු පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත්, සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව වඩාත් විමසිලිමත්ව හා සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රජාව වෙත වැඩිදුරටත් දන්වා සිටී.
බොරු ප්‍රචාර යැව්වොත් වැඩ වරදියි !
මේ අතර මෙරට විවිධ ප්‍රදේශ වලින් කොරෝනා ආසාදිතයන් සොයාගෙන ඇති බවට සමාජ මාධ්‍ය තුළ අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය වෙමින් ඇති බවත් ඒ සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කර සිටියි.
එවැනි සාවද්‍ය ප්‍රචාර සිදුකරන්නන්ට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කරන බවත් දැනට මෙරටින් හමුවී ඇති කොරෝනා ආසාධිත එකම පුද්ගලයා IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එහි සඳහන්ව ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කල සම්පුර්ණ නිවේදනය පහත දැක්වෙයි.


