ශ්‍රීලනිප අපේක්ෂකයන්ට මනාප නෑ : දෙවැනි ප්‍රහාරය නාමල් රාජපක්ෂගෙන් !

ශ්‍රීලනිප අපේක්ෂකයන්ට මනාප නෑ : දෙවැනි ප්‍රහාරය නාමල් රාජපක්ෂගෙන් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කරගෙන රාජපක්ෂ පවුලේ ‌දෙවැනි ප්‍රහාරය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  විසින් ඊ‌යේ (11) දිනයේදී එල්ල කරනු ලැබීය.

ඒ විජේරාම මාවතේ පිහිටි අගමැති මහින්ද රාජපක්ෂගේ නිල නිවෙසේ පැවති පොදුජන පෙරමුණේ නාමයෝජනාවලට අස්සන් කිරීමෙන් පසුව නාමල් රාජපක්ෂ  මාධ්‍යයට අදහස් දක්වමින්ය.

එහිදී ‌ඔහු පවසා සිටියේ ‌මෙවර මනාප භාවිතා කිරීමේදී ‌පොදුජන පෙරමුණේ  පාක්ෂිකයන් අතීත සිද්ධීන් මතකයේ තබාගෙන මනාප පාවිච්චි කළ යුතු බවය.

එසේම තමන් ඇතුළු පිරිසක් හිරේ දැමූ අතීතය මෙන්ම මහින්ද රාජපක්ෂ සමඟ හිටියේ කවුද යන්න ජන්දදායකයන් දැනුවත් බවත් ඔහු පැවසීය.

මීට සමාන ප්‍රකාශයක් පසුගියදා හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ විසින්ද සිදුකරනු ලැබිණ. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ එළඹෙන මහ මැතිවරණයේ දී පොදුජන පෙරමුණ පාක්ෂිකයන් මනාප ලබාදීමේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට පමණක් මනාප ලබාදිය යුතු බවය. නැතිනම් 2015 දී ඇතිවූ වැනිම තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ඔහු පැවසීය.

සැළසුම පැහැදිළියි !

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ මහ මැතිවරණය කැඳවා නාම යෝජනා පවා අත්සන් කරන අවස්ථාවක රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ මේ ප්‍රකාශ පොදුජන පෙරමුණ ලැයිස්තුවෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීමට යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට දැඩිව බලපානු ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන් සැලසුම් සහගත ලෙස පරාජය කරවීමේ සැලැස්මක් ඇති බව මේ ප්‍රකාශ හරහා හොඳින් පැහැදිලි වන බවත් ඔවුන් සඳහන් කරයි.

ශ්‍රීලනිප - පොහොට්ටු තීරණාත්මක හමුවක් !

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ‌පොදුජන පෙරමුණ අතර තීරණාත්මක සාකච්ජාවක් අද (12) සවස 4ට පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඊට අනුව මෙම සාකච්ජාවේදී ශ්‍රීලනිපයට ලබා දිය හැකි නාමයෝජනා ප්‍රතිශතය සම්බන්ධයෙන් අවසන් වශයෙන් තීරණයකට එළඹීමට නියමිතව ඇත.

මේ වනවිට ශ්‍රීලනිපය එළඹී ඇති ගිවිසුම්වලට අනුව 30%ක ප්‍රතිශතයක් නාමයෝජනාවලින් ඉල්ලා සිටින නමුත් ‌පොහොට්ටුව දැනුම් දී ඇත්තේ එපමණ ප්‍රමාණයක් ලබා දිය ‌නොහැකි බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න