කොවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් වාර්තාවීමත් සමඟ එළඹෙන මහ මැතිවරණය නියමිත දිනයට පැවැත්වීම සම්බන්ධව තීරණාත්මක සාකච්ඡාවක් මැතිවරණ කොමිසම විසින් සඳුදා (16) පැවැත්වීමට සූදානම් බව වාර්තා වෙයි.
ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු කොමිසමේ සියළු සාමාජිකයන් මේ සාකච්ඡාව සඳහා සහභාගී වනු ඇත.
එහෙත් මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති බැවින් මැතිවරණ කොමිසම කුමන අදහසක් දැරුවත් ඒ සම්බන්ධව තීන්දුවක් ගැනීමට නම් ජනාධිපතිගේ සහයද ඊට අවශ්‍යව ඇති බවත් වාර්තා වෙයි.
කෙසේවුවත් මෙතෙක් මැතිවරණය අත්හිටුවීම සම්බන්ධව කිසිඳු තීරණයක් වගකිව යුත්තන් ගෙන නොමැති නමුත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් රැසක් අවධාරණය කර සිටින්නේ පළමුව කොරෝනා වෛරසය වසංගතයක්වීම වළක්වාගෙන පසුව මැතිවරණය කෙරෙහි අවධානය යොමුකළ යුතු බවය.

