පරිප්පු මිල අඩුකර : ඉන්ධන මිල සහනය දෙන්න - ජනාධිපති ගෝඨාභය

පරිප්පු මිල අඩුකර : ඉන්ධන මිල සහනය දෙන්න - ජනාධිපති ගෝඨාභය

ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය සමස්ත ශ්‍රී ලාංකිකයින්ට ලබාදෙන වැඩපිළිවෙළක් ලෙස  පරිප්පු මිල සහ විදුලි බිල අඩුකර ජනතාවට අදාළ සහනය  ලබාදීමට ආණ්ඩුව  සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මේ සැළසුම සූදානම් කෙරෙමින් ඇත්තේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය සමස්ථ ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට වැඩපිළිවෙලක් සකසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති ලේකම් පී.බි.ජයසුන්දර වෙත නිකුත්කර ඇති උපදෙස් අනුවය.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමග ඉකුත් වසරේ දෙසැම්බර් මාසය තුළ ඇමෙරිකානු ඩොලර්  67 ක් ලෙස සටහන් වූ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද වන විට සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 34ක් ලෙසය.  ඒ අනුව මාස දෙක හමාරක් තුළ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල පැවති මිලට වඩා හරි අඩකින් පහළ ගොස් ඇති අතර එහෙත් මෙතෙක් එම සහනය ජනතාවට කුමන අයුරකින් හෝ ලබාදීමට පොදුජන පෙරමුණ ආණ්ඩුව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

කෙසේ වුවත් මාධ්‍ය වාර්තා පවසන ආකාරයට ඉන්ධන මිල ලෝක වෙළඳපොල තුළ දෙගුණයකින් පමණ අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා  පරිප්පු මිල සහ විදුලි බිල අඩුකිරීම හරහා ලබාදීමට උපදෙස් නිකුත්කර ඇත්තේද ජනාධිපති ගෝඨාභය විසින්ය.

ඒ අනුව ඉන්ධන මිලේ අඩුවීමට සාපේක්ෂව නිසි ගණනය කිරීමක් සිදුකර පරිප්පු සහ විදුලි බිල් පත් ගාස්තු ඉදිරියේදී සංශෝධනය කිරීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න